Friday 10 May 2019

මලවි සෑදු සිදුරට උත්තරයක් ........

අප ඉපදුන දවසේ සිට ආදරය ගැන විවිධ අර්ථ කතන හා අර්ථ දැක්වීම් අසා ඇත්තෙමු .ආදරය සුන්දරයි ,සදාකාලියි යන්න ඉන් සමහරකි .ඔක්සිජන් නොමැතිව ජිවත් විය නොහැකි අප ඔක්සිජන් වෙනුවට ලොව ඇති වටිනාම වස්තුව ලෙස දකින්නේ ආදරයයි.මේ නාන විධ අර්ථදක්වීම් අතර ආදරය පිළිබද නව විග්‍රහයක් මිනු ගුණසිංහ විසින් රචිත කවියක් තුලින් දුටිමි .එය පහත රුපයෙන් දැක්වේ.

අනික් සත්වයන්ට වඩා වෙනස්ව මිනිස් දරුවන් උපත ලබන්නේ නොමේරු තත්වයකිනි .එම නිසා ළදරු අවදියේදී ඔවුන්ට එදිනෙදා වැඩ කර ගැනීම‍ට මවගේ සහය අවශ්‍ය වේ.මනෝ විශ්ලේෂණයට අනුව මෙහිදී ළදරුවා මවගෙන් ප්‍රමෝදයක් ලබයි .මෙයට උදාහරණය ලෙස ඔවුන් දක්වනුයේ ළදරුවා මවගෙන් කිරි උරා බිමෙන් පසුවද පියයුරේ එල්ලී සිටින්නේ මෙනිසා බවයි.මෙලෙස ප්‍රමෝදයෙන් ගත කරන දරුවා තම වයස මස 6ක් වන විට තමාගේ රුව කැඩපතින් හදුනා ගැනීමට හැකිවේ .මෙය ලැකානියානු මනෝ විශ්ලේෂණයේ "කැඩපත් අවධිය " ලෙස හදුන්වයි. මෙය ළදරුවා කරන ප්‍රථම පරිකල්පනය ලෙස හැදින්විය හැකිය.මෙම ක්‍රියාවෙන් පසු පියා විසින් තම දරුවාව සංකේතිය විශ්වය (සරලව අප ජිවත් වන ලෝකය ) කරා  රැගෙන යායුතුය.මෙහිදී පියා විසින් ළදරුවාගේ ප්‍රමෝදය වන මව ගේ අඩුව පෙන්විය යුතුය.මෙම අඩුව යනු මව ගේ වරදක් නොව මවගෙන් ප්‍රමෝදයෙන් මිදුණු පසු දරුවට සංකේතිය විශ්වයෙන් ලැබෙන ප්‍රතිලාභාපෙන් වීමයි.මෙය නිසා මවගේ ආදරයෙන් අතෘප්ති මත්  වන දරුවා එයට වඩා දෙයක් සොයාගෙන සංකේතිය  විශ්වයට ඇතුළු වේ.මෙලෙස මිනිසාගේ පරිකල්පනය ආරම්භ වනුයේ අතෘප්තියෙන් හා අහිමි විමකිනි .මින් පසු මිනිසා අතෘප්තියේ මෙහෙයවීමෙන් සංකේතිය  ලෝකයේ විවිධ ප්‍රපංචයන් පසු පස දුවයි .



Photo by Allef Vinicius on Unsplash

මා දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගෙන් දර්ශනය හා න්‍යායික දේශපාලනය ඉගෙන ගැනීමට පටන් ගත්  පසු X කණ්ඩායම විසින් රචනා කරන ලද "ආදරය හා විවාහය " යන පොත කියවීමට අවස්තාව ලැබුණි.එම කෘතියට අනුව  මවගේ ප්‍රමෝදයෙන් මිදී සංකේතිය  ලෝකයට ඇතුළු  වූ පසු මවගෙන් ලැබෙන ආදරය මිනිසාගෙන් ගෙන් ඇත්  වේ.නමුත් කාලයාගේ ඇවෑමෙන් සංකේතිය  ලෝකයෙන් මිනිසාට සංකේතිය ලෝකයට පිවිසීමෙන්  අහිමි වූ මවගේ ආදරයේ අඩුව පෙන්වයි.දර්ශනයේදී සංකේතිය  ලෝකයෙන් පෙන්වන අඩුව යථ ලෙස හදුන්වයි . සංකේතිය  ලෝකයෙන් පෙන්වන අඩුව වසා ගැනීමට මිනිසා විසින් මානසිකව සාදන නිර්මාණය දර්ශනයේදී ෆැන්ටසිය ලෙස හදුන්වයි .මිනිසා ඉන්පසු මෙම අඩුව පිරවීමට සිදුකරන නිර්මාණය හෙවත් ෆැන්ටසිය සංකේතිය  ලෝකයෙන් දෙන සංකේතය ආදරයයි.එනම් සංකේතිය ලෝකය විසින් පෙන්වන අහිමිවූ මවගේ ආදරය යම් අයෙකුගේ ඇසුරින් පියවා ගත හැකි Fantasais කිරීමයි  .නමුත් අප අවිඤ්ඤනිකව ආකර්ෂණය වනයේ අදාල පුද්ගලයට නොව අපගේ ජිවිතයේ ඇති අඩුව නැති කරගැනීමට ඇති ආසාවටයි .



Photo by Damon Lam on Unsplash
මිනුගේ නිර්මාණයේ මෙම අදහස ගැබ්ව ඇතයි මම සිතමි.මලාවි යනු භාෂාවේ එන දෙදෙනෙකු ආදරයෙන් බන්දන කල්පිත චරිතයකි.මෙම පරිකල්පනීය චරිතය දර්ශනවදයේ එන සංකේතිය ලෝකයට සමානය.මලාවි හීයෙන් හදවතේ සිදුරක් සදනවා සේම සංකේතිය ලෝකය විසින් අප විසින් සාදන මවගේ ආදරයේ හිඩැස අප තුල සදයි .මිනිසා ගේ චින්තනයේ අංශුව අතෘප්තිය එනම් බටහිර  දර්ශනයේ එන පරිදි ලොකුම දුකයි.මගේ කියවීමට අනුව මෙමෙ නිර්මාණයෙන් පටකයාට ආදරය මිනිස් සිතෙහි නිර්මාණය වන ආකාරය හා එම ආදරය ඇතිවීම  නිසා ඇතිවන නොවිසිල්ල එනම් වේධනාත්මක සතුට පෙන්වයි . එනම් ආදරය යනු අපට බාහිර පරිසරයෙන් ඇතිකරන දෙයක් යන්නයි . 

ඇත්තටම මලවී තුන් හිතකවත් නොතිබූ අතෘප්තියක් ඔලුවට දමා ඔබ කලේ හෙන කතා වැඩකි .

Reference: 


No comments:

Post a Comment

මලවි සෑදු සිදුරට උත්තරයක් ........

අප ඉපදුන දවසේ සිට ආදරය ගැන විවිධ අර්ථ කතන හා අර්ථ දැක්වීම් අසා ඇත්තෙමු .ආදරය සුන්දරයි ,සදාකාලියි යන්න ඉන් සමහරකි .ඔක්සිජන් නොමැතිව ජිවත් විය...