Friday 10 May 2019

මලවි සෑදු සිදුරට උත්තරයක් ........

අප ඉපදුන දවසේ සිට ආදරය ගැන විවිධ අර්ථ කතන හා අර්ථ දැක්වීම් අසා ඇත්තෙමු .ආදරය සුන්දරයි ,සදාකාලියි යන්න ඉන් සමහරකි .ඔක්සිජන් නොමැතිව ජිවත් විය නොහැකි අප ඔක්සිජන් වෙනුවට ලොව ඇති වටිනාම වස්තුව ලෙස දකින්නේ ආදරයයි.මේ නාන විධ අර්ථදක්වීම් අතර ආදරය පිළිබද නව විග්‍රහයක් මිනු ගුණසිංහ විසින් රචිත කවියක් තුලින් දුටිමි .එය පහත රුපයෙන් දැක්වේ.

අනික් සත්වයන්ට වඩා වෙනස්ව මිනිස් දරුවන් උපත ලබන්නේ නොමේරු තත්වයකිනි .එම නිසා ළදරු අවදියේදී ඔවුන්ට එදිනෙදා වැඩ කර ගැනීම‍ට මවගේ සහය අවශ්‍ය වේ.මනෝ විශ්ලේෂණයට අනුව මෙහිදී ළදරුවා මවගෙන් ප්‍රමෝදයක් ලබයි .මෙයට උදාහරණය ලෙස ඔවුන් දක්වනුයේ ළදරුවා මවගෙන් කිරි උරා බිමෙන් පසුවද පියයුරේ එල්ලී සිටින්නේ මෙනිසා බවයි.මෙලෙස ප්‍රමෝදයෙන් ගත කරන දරුවා තම වයස මස 6ක් වන විට තමාගේ රුව කැඩපතින් හදුනා ගැනීමට හැකිවේ .මෙය ලැකානියානු මනෝ විශ්ලේෂණයේ "කැඩපත් අවධිය " ලෙස හදුන්වයි. මෙය ළදරුවා කරන ප්‍රථම පරිකල්පනය ලෙස හැදින්විය හැකිය.මෙම ක්‍රියාවෙන් පසු පියා විසින් තම දරුවාව සංකේතිය විශ්වය (සරලව අප ජිවත් වන ලෝකය ) කරා  රැගෙන යායුතුය.මෙහිදී පියා විසින් ළදරුවාගේ ප්‍රමෝදය වන මව ගේ අඩුව පෙන්විය යුතුය.මෙම අඩුව යනු මව ගේ වරදක් නොව මවගෙන් ප්‍රමෝදයෙන් මිදුණු පසු දරුවට සංකේතිය විශ්වයෙන් ලැබෙන ප්‍රතිලාභාපෙන් වීමයි.මෙය නිසා මවගේ ආදරයෙන් අතෘප්ති මත්  වන දරුවා එයට වඩා දෙයක් සොයාගෙන සංකේතිය  විශ්වයට ඇතුළු වේ.මෙලෙස මිනිසාගේ පරිකල්පනය ආරම්භ වනුයේ අතෘප්තියෙන් හා අහිමි විමකිනි .මින් පසු මිනිසා අතෘප්තියේ මෙහෙයවීමෙන් සංකේතිය  ලෝකයේ විවිධ ප්‍රපංචයන් පසු පස දුවයි .



Photo by Allef Vinicius on Unsplash

මා දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගෙන් දර්ශනය හා න්‍යායික දේශපාලනය ඉගෙන ගැනීමට පටන් ගත්  පසු X කණ්ඩායම විසින් රචනා කරන ලද "ආදරය හා විවාහය " යන පොත කියවීමට අවස්තාව ලැබුණි.එම කෘතියට අනුව  මවගේ ප්‍රමෝදයෙන් මිදී සංකේතිය  ලෝකයට ඇතුළු  වූ පසු මවගෙන් ලැබෙන ආදරය මිනිසාගෙන් ගෙන් ඇත්  වේ.නමුත් කාලයාගේ ඇවෑමෙන් සංකේතිය  ලෝකයෙන් මිනිසාට සංකේතිය ලෝකයට පිවිසීමෙන්  අහිමි වූ මවගේ ආදරයේ අඩුව පෙන්වයි.දර්ශනයේදී සංකේතිය  ලෝකයෙන් පෙන්වන අඩුව යථ ලෙස හදුන්වයි . සංකේතිය  ලෝකයෙන් පෙන්වන අඩුව වසා ගැනීමට මිනිසා විසින් මානසිකව සාදන නිර්මාණය දර්ශනයේදී ෆැන්ටසිය ලෙස හදුන්වයි .මිනිසා ඉන්පසු මෙම අඩුව පිරවීමට සිදුකරන නිර්මාණය හෙවත් ෆැන්ටසිය සංකේතිය  ලෝකයෙන් දෙන සංකේතය ආදරයයි.එනම් සංකේතිය ලෝකය විසින් පෙන්වන අහිමිවූ මවගේ ආදරය යම් අයෙකුගේ ඇසුරින් පියවා ගත හැකි Fantasais කිරීමයි  .නමුත් අප අවිඤ්ඤනිකව ආකර්ෂණය වනයේ අදාල පුද්ගලයට නොව අපගේ ජිවිතයේ ඇති අඩුව නැති කරගැනීමට ඇති ආසාවටයි .



Photo by Damon Lam on Unsplash
මිනුගේ නිර්මාණයේ මෙම අදහස ගැබ්ව ඇතයි මම සිතමි.මලාවි යනු භාෂාවේ එන දෙදෙනෙකු ආදරයෙන් බන්දන කල්පිත චරිතයකි.මෙම පරිකල්පනීය චරිතය දර්ශනවදයේ එන සංකේතිය ලෝකයට සමානය.මලාවි හීයෙන් හදවතේ සිදුරක් සදනවා සේම සංකේතිය ලෝකය විසින් අප විසින් සාදන මවගේ ආදරයේ හිඩැස අප තුල සදයි .මිනිසා ගේ චින්තනයේ අංශුව අතෘප්තිය එනම් බටහිර  දර්ශනයේ එන පරිදි ලොකුම දුකයි.මගේ කියවීමට අනුව මෙමෙ නිර්මාණයෙන් පටකයාට ආදරය මිනිස් සිතෙහි නිර්මාණය වන ආකාරය හා එම ආදරය ඇතිවීම  නිසා ඇතිවන නොවිසිල්ල එනම් වේධනාත්මක සතුට පෙන්වයි . එනම් ආදරය යනු අපට බාහිර පරිසරයෙන් ඇතිකරන දෙයක් යන්නයි . 

ඇත්තටම මලවී තුන් හිතකවත් නොතිබූ අතෘප්තියක් ඔලුවට දමා ඔබ කලේ හෙන කතා වැඩකි .

Reference: 


Monday 7 January 2019

Ideology - ඒක වෙනම අතල් එකක්ද නැත් නම් Game ක් ද?

                                       මා අතීත කාමියෙකි බොහෝ විට මා අතීත මතකයන් හා වර්තමානයේ  අත්දකින දේ සම්බන්ධ කිරීමට කැමැතක් දක්වමි. Sri Lanka Vanguard පක්ෂය තුලින් දෘෂ්ටිවාදය ඉගෙන  ගන්නා විට මා හට මුලින්ම මතකයට නැගුනේ කුම්බියෝ හි ප්‍රියන්තගේ චරිතයයි .කුබියෝ හි ප්‍රියන්තගේ චරිතය අප ජිවිත මත දෘෂ්ටිවාදය ක්‍රියාකරන  ආකාරය තේරුම් ගැනීමට හොද උදාහරණයකි.


                දෘෂ්ටිවාදය යනු "මිනිසෙකුගේ ක්‍රියාව අවිඤ්ඤානිකව පාලනය කරන ප්‍රපංචයකි".අතීතයේ සිට විවිධ දාර්ශනිකයන් දෘෂ්ටි වාදයට  විවේචනය ඉදිරිපත් කරන ලදී .එම විවේචන වලින් සරාර්තක හා ඕපපාතික විවේචන වල ඇතුලත් කරුණු අපට කුම්බියෝ තුලින් මානව පෙනෙයි .

  මෙහි ඇති ප්‍රාථමික විවේචනය නම් සරාර්තක විවේචනයයි .එහි අදහස වුයේ  දෘෂ්ටිවාදය ට ප්‍රධාන හේතුව මිනිසා යම්කිසි ප්‍රපන්චයකට රැවටීම බවයි .මෙහිදී මිනිසා එම රැවටීම හේතුවෙන් අවිඤ්ඤානිකව පාලනය වේ.කුබියෝහි ප්‍රියන්ත ගමේ පාසලෙන් හා  පන්සලෙන් පෝෂණය වී කෘතගුණ සැලකීම ,ආගන්තුක සත්කාර හා විශ්වාසය වැනි මිනිස් සම්බධතා වලින් පරිපුරන චරිතයකි.එම නිසා ප්‍රියන්ත ශාක්‍යා හි රැකියාවට ඉතා ඇලුම් කළේය.එම නිසා ඔහු තමාගේ රැකියාව බේරා දුන් දිසානායක මහතාට ඉතා  භක්තියකින් පසුවිය.සරාර්තක දෘෂ්ටිවාදය යනු ජෙහාන් ,ප්‍රියන්තගේ අවිඤ්ඤානික ගැමිත්වය තේරුම් ගෙන,ඔහු දිසානායක කෙරෙහි ඇති බක්තියත් සාලිය සමග ඇති තරහවත් තේරුම් ගෙන , දිසානායක ව අත්ඩංගුවට ගන්නා ආකාරයට කතාවක් නිර්මාණය කර එයින් ප්‍රියන්තව පාලනය කළා වැනිය සිධියකි . මෙහි ඇති වැදගත් අනික් සිධිය නම් ප්‍රියන්ත තමන් ජෙහාන් ට රැවටී අවිඤ්ඤානිකව ක්‍රියාකර ඇති බව තේරුම් ගැනීමයි.



Photo by Luther Bottrill on Unsplash
ජිජැක් වැනි දාර්ශනිකයන්ට අනුව වර්තමාන දෘෂ්ටිවාදය ඕපපතිකය.එනම් මිනිසා යම් ප්‍රපංචයක් විසින් තවකෙකුගේ ක්‍රියාව පාලනය කරනුයේ ඔහු හෝ ඇය එම ප්‍රපන්චයට ඇති ආසාව නිසාය.මෙයට හොදම උදාහරණය නම් ජෙහාන් හිරෙන් නිදහස් වීමත් සමග ප්‍රියන්ත හා ජෙහාන් අතර ඇති වූ කතාබයි.එහිදී ප්‍රියන්ත ඔහු හා  ප්‍රාදේශීය සභා මහා ඇමතිවරයා කරන ලද ව්‍යාපෘති වලින් ලැබුන  සදාචාර විරෝධී ප්‍රතිලාබ , ඔහුගෙන් ලැබුන දේශපාලන අත්දැකීම් හා ඔහු විසින් ප්‍රාදේශීය සභා රහස් චන්දයකදී මහා ඇමතිවරයට  පක්ෂව චන්දය ප්‍රකාශ කල බව කියයි .ගමේ පාසලෙන් හා  පන්සලෙන් පෝෂණය වී කෘතගුණ සැලකීම ,ආගන්තුක සත්කාර හා විශ්වාසය වැනි මිනිස් සම්බධතා වලින් පරිපුරන වූ හා වාමාංශික පක්ෂයක් චන්දෙන් පත්   වූ වාමාංශික පක්ෂයක විනයක් හා ප්‍රතිපත්ති වලින් පාලනය වන ප්‍රියන්තගේ ක්‍රියාව පළාත් සභා මහා ඇමති පාලනය කරන ලද්දේ ජෙහාන් මෙන් රවටා නොවේ , ඔහු පාලනය වුයේ මහා ඇමති තුමාගේ සදාචාර විරෝධී ප්‍රතිලාබ වලට ඇති ආසාව නිසාය .



වර්තමාන ජිජැක් වැනි දර්ශිනකයන්ට අනුව අපට සාරර්ත්ක දෘෂ්ටිවාදයෙන් මිනිසෙක් ගලවා ගත හැකිය.නමුත් ඕපපාතික දෘෂ්ටි වාදයේ මිනිසා බදෙනුයේ එම ප්‍රපංචයට ඇති ආසාව නිසා බැවින් ඕපපාතිකව පාලනය වන මිනිසා දෘෂ්ටිවයෙන් මුදවා ගත නොහැකිය.මාගේ කියවීම අනුව නම් ගෝලීයකරණයත් සමග ලෝකයේ ආර්ථිකය මෙන්ම සමාජය හා මිනිස් සම්බන්ධතා බොහෝ විට "ලභය " මත පදනම් විය.එම නිසා  මිනිසා බොහෝ විට අවිඤ්ඤානිකව සොයනුයේ තමාට ලැබෙන ප්‍රතිලාභ මත මිස සමස්තය මත හෝ අනාගතය මත නොවේ .එම නිසා ඔව්න් ඕපපාතිකව දෘෂ්ටිවදයේ බැදේ.ඉහත සිද්ධියේදී ප්‍රියන්ත පක්ෂයේ හෝ සමජෙයේ අබිවුර්ධිය වෙනුවට තමාගේ වාසියෙ උදෙසා  අවිඤ්ඤානිකව මහා ඇමතිවරයට පක්ෂ පාති විය.





Wednesday 24 October 2018

මතකය උද්ගෝෂණ රැල්ලට තිත තබයිද .....

මා අතීත කාමියෙකි .මම බොහෝ විට වරතමානයේ අත්දකින සිදින් සමග සම්බන්ද වූ අතීත සිදින් සිහි කිරීමට කැමැත්තක් දක්වමි.පසුගිය දා මා සහබාගි වූ චමල් අකලංක පොල්වත්තගේ ගේ "ආදරය රත්නපුර වගේ " කවි පොත එළිදැක්වීමේ උත්සවයද එලෙසෙම මා  අතීතයට ගෙන ගිය අවස්ථාවකි.ප්‍රේමය පිළිබද මට එතරම් අත්දැකීම් නැතත් එම උත්සවය අවසන් වුයේ අතීත සිධින් කිහිපයක් මතකයට නංවමින් හා තව කාලයකට විශ්ලේෂණයට හා සිහි කිරීමට සිධින් බොහොමයක් ඉතිරි කරමිනි.ආදරයට ඇති ප්‍රධාන ධාරාවේ උපමා වලට අමතරව එහි පැමිණි බොහොමයක්  විකල්ප උපමා ඉදිරිපත් කරන ලදී .ඒ අතර විමල් කැටපෙඅරච්ච්  සහෝදරයා විසින් ප්‍රකාශ කරන ලද  "ආදරය යාපනේ පුස්තකාලය වගේ " යන්න මගේ සිත්ගත්තේය.යාපනේ පුස්තකාලය සේ ආදරයද එක් වරක් ගිනි තැබූ පසු   නැවත කොතරම් අලුත් වැඩියා  කලද එහි වැඩක් නොමැති බව මට අත්දැකීම් තිබීම එයට හේතු විය හැකිය.

මා බොහෝ විට එකම ගීතය එක දිගට ඇසීමට පුරුදු වී සිටි .මේ අතර ගීත රසවිදින සෑම අවස්ථාවකම එක ගීතයක් පමණක් දින කිහිපයක් ඇසූ  අවස්ථා ද බොහොමයක් ඇත .එදා උත්සවය තුල ඇසුණු චමල් අකලංක පොල්වත්තගේ විසින් රචිත ප්‍රමිත් ගන්නේඅරචිචි විසින් ගයනා කරන ලද මතකය ගීතයද එවැන්නකි.



මේ ගීතය රසවිදින සෑම අවස්ථවකදීම මාහට සිහි වනුයේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ විසින්  මතක පද වැඩ සටහනේදී කියූ දෙයකි.එනම් අප මේ ජිවත් වන යාන්ත්‍රික ජීවිතය තුල ස්වාබවික එකම දෙය ආදරය යන්නයි . ආදරය යනු හිමි වීම පමණක් ම නොවේ  .ආදරය අහිමිවීම යනු ආදරය යටපත්  විමක් පමණි .ගුරු ගීතයේ එන අල්තීනයි හා දුයිශේන්ගේ අප්‍රකාශිත ආදරය  වසර කිහිපයකට  පසු ඔවුන් සිටවූ පොප්ලර් ගස දැකීමෙන් අල්තීනයි ට සිතට නැගෙනුයේ ඒ යටපත් වී ආදරය නැවත මතු වීම නිසා විය හැකිය .බොහෝ  පිරිමීන්ට   "Hello Kitty " හෝ හුරුබුහුටි දේ දුට විට තමාගේ පැරණි ප්‍රේමය මතක් වනුයේ ඒ යටපත් වීම නිසා යන්න මගේ අදහසයි  .මාගේ කියවීමට අනුව මෙම ගීතයේ  ගැබ්ව ඇත්තේ තරුණයෙක් අතීතයේ බිදුණු ආදරයක ප්‍රේමවන්තියක් විවාහ වන දිනයේ තමා තුල තවමත් යටපත් වූ ආදරය ප්‍රකාශ කරන අයුරුයි .මෙහි  වැදගත් ම වචනය "යටපත් වූ ආදරය" යන්නයි .
Photo by Nick Fewings on Unsplash
වර්තමාන යාන්ත්‍රික සමාජ ක්‍රමය තුල බිහිවන්නේ ප්‍රජාවක් හෝ සමාජක්  නොවේ පුද්ගලයෙක්ය .එනම් වර්තමාන සමාජය යනු පුද්ගල වාදී සමාජයකි .එනම් මිනිසා පුද්ගල සම්බන්දතා වලින් ඇත්වෙයි .අතීතයේ සින්දු කියමින් විහිලු කරමින් ගිය පාසල් බස් රථ  දැන් දැන් තනි තනියෙන් ජංගම දුරකථන වලින් සින්දු අසමින් ගමන් කරරීම මිනිසා පුද්ගල සම්බන්ද වලින් ඇත්වීම ට හොදම උදාහරණයකි .මගේ අදහස නම් ආදරයද මෙම ක්‍රමය අනුව පුද්ගලවාදී  වී ඇත .මෙයට හොදම උදාහරණය නම් වර්තමාන ගිතකලාවයි .ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයහි (Sri Lanka Vanguard Party) හි නයක දීප්ති කුමාර සහෝදරයාට අනුව වර්තමාන විරහ ගීතය  තම අහිමිවූ අදරවන්තියට  එරහිව කරන උද්ගෝෂණයක්  වැනිය .ආදරය යනු දෙදෙනෙක් අතර පවතින දෙයකි. ආදරයේ බිද වැටීම ට දෙදෙනාම වගකිවයුතු වේ.නමුත් වර්තමාන ගීත කලාව තමාට අහිමිවූ පෙම්වතියට එරහිව කරන විරෝධතාවක් වැනිය .එනුම් බොහෝ විට එහි ඇත්තේ අපහස හෝ  ඇනුම් පද පමණි .ආදරය නැති වන්නේ දෙදෙනාගේම වරදකිනි එම නිසා තව කෙනෙකු අහිමි වීම යනු  ඔහුට හෝ ඇයට ඇති ආදරය නැති වීමක් නොවේ.මෙවැනි පද මලා  වලට හේතුව ආදරය  අහිමිවීම දෙදෙනාගේම දෙයක් නැති වුවාට වඩා තමාගේ දෙයක් නැති වීමක් යයි සිතීමයි .

මගේ කියවීමට අනුව "මතකය"  යනු උද්ගෝෂණ ගීත කලාවෙන් වෙනස් වූ ගීතයකි .මෙම ගීතයේ පද මාලාවේ බොහෝ විට ගැබ්ව ඇත්තේ විවාහ වුවත් තම නැති වූ ආදරයේ පෙම්වතිය කෙරේ වූ ආදරය තවම නැති වී නැත යන්න මිස යට ගැරහීම නොවේ .

"පවුරු බැන්දත් රනින් වෙරලක සයුරු රල යලි එයි කියා..
වෙරලකට අමතකම වේවිද සයුරු රල ඇදි නෙක රටා.."



Saturday 8 September 2018

කැලෑ අශ්වයෙක් නම් ......

මා අතීත කාමියෙකි .මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍ය බොහෝ ප්‍රමාණයක් තිබුණි .ඒ හැරුම් ලක්ෂ්‍ය හා සිදීන් අතර පාසැල ,ගුරුවරු  මෙන් අති විශේෂ සිධීන්  මෙන්ම  ගුවන් විදුලි වැඩසටහන් වැනි කුඩා සිදීන් ද විය .මම පෙර පොස්ටුවේ පැවසු පරදී මතක පද වැඩසටහන ට මන් ඉතා ඇලුම් කරමි තවද මා එය මගේ ජ්විතයේ හැරවුම් ලක්ෂයක් කියා මට බොහෝ විට සිතේ  .මෙහි මා බොහෝ සෙයින් සිත්ගත් වැඩසටහනක් වුයේ හිමාලි ලියනගේ සමග තිබු වැඩසටහනයි .එම වැඩසටහනේ පළවූ අදහස් හේතුවෙන් ඇයගේ පරිවර්තනයක් වූ "හිලෑ අශ්වයෝ" පොත කියවීමට යොමු විය . ඇයට  අනුව එය ශ්‍රී ලංකා සමාජ ක්‍රමය තුල බලහත්කාරයෙන් හිලෑ කරනු ලබන තරුණ ජීවිත වල ඇති සුන්දරත්වය ගැබ්වූ කෘතියකි.


Photo by Tim Bottchen on Unsplash
ශ්‍රී ලංකාව තුල තරුණයන්ගේ ජිවිත බොහෝ විට හිලෑ වූ අශ්වයන්ගේ ජිවිතයට සමාන යන්නට මම එකග වෙමි .අපගේ ජිවිත නීති යදම් හා වගකීම් රාශියකින් හිර කල ජිවිත වේ .බොහෝ විට මෙම සීමා මායිම් වෙන අයවලුන් විසින් අප මත පැටවූ නීති නියම හෝ අප විසින් ම අන්‍යන් හෝ සමාජය සතුටු කිරීමට අප මත පටවා ගත් ඒවා වෙයි .මේ වර්ග දෙකම අඩු වැඩි වශයෙන් සෑම තරුනයෙක්ම අත්දකි.
මෙම කෘතිය කියවන විට මට බොහෝ විට මට මගේ පාසල් අවදිය හා විශ්වවිද්‍යාල අවදිය තුල අත්විදී හා මම  මා විසින්ම පනවාගත් ස්වයන් වරණ නිසා මහ හැරුණු අදටත් ඒ  පිළිබද තැවෙන සිදීන් බොහොමයක් මතකයට නංවයි.මෙහි මාගේ වැඩිපුරම  සිද්ගන්නා අවස්ථාව නම් වල සතියේ නාට්ටයෙන් පසු කෞෂ් හා ඔහුගේ මිතුරික්  සමග කල රාත්‍රී ඇවිදීමයි .මම හිතන විදිහට අප බොහොමයකට ආදරයක් නොහටගත් නමුත් වෙන් වූ පසු දුක හිතුනු මිතුරියක් සිටීමයි.තවද මෙම කෘතිය තුල තරුණයෙක් මුහුණ දීමට සිදුවන ආදර බිදවැටීම ,අදර සබදතාවක අවසන් සමය ,ආදරණීය ගුරුවරයෙකුගේ හා මිතුරෙකුගේ නික්ම යාම මෙන්ම පාසැල තුල සිදුවන ආදරණීය විප්ලවයන් ද ඇතුලත්වේ .

මේ පොතෙහි ඇති විශේෂත්වය නම් මෙම කෘතිය තුල සිද්දීන් සිතට එන සිතුවිලි ලෙස ගෙන හැර දැක්වීමයි .බොහෝ විට මෙහියි සිටින කෞෂ් ට ජිවිතයේ අහන්න දකින්න සිදුවන සිදීන් වලට ඔහුගේ සිත තුලින් නැගෙන සිතුවිලි වලින් මෙම කතාව ගොඩ නැංවේ  .මෙයට හොදම උදාහරණය නම් කෞෂ්  සහ ඔහුගේ මිතුරන් වල සතිය දිනයේ සිදුවූ සන්වාධය  හා පාසල් විවාද කණ්ඩායම තුල සිදුකල විප්ලවය ගෙන හැර දැක්වූ ආකාරයයි .

ලැකාන් ගේ මනෝවිශ්ලේෂණය න්‍යායන්ට අනුව අප තුල සැමවිටම අප නොදන්නා තවත් කෙනෙකුන් සිටි ඔහු විසින් එය මහා අනිකා ලෙස හදුන්වයි (Big Other ).මෙම මහා අනිකා  විඤ්ඤාණයෙන් පිට වෙන ස්ථානයක සිට පැමිණේ.බොහෝ විට ලංකාව තුල දෙමාපියන්ගේ හා තරුණයන්ගේ  මහා අනිකා හාත්පසින් ම වෙනස් අයවලුන් වෙයි.ලංකාව තුල පවුල් වල සුලබ පරම්පරා ගට්ටනයට හා තරුණයන්ගේ රහස් අත්හදා බැලීම් වලට මෙය හේතු වෙ යයි  සිතමි .මෙම කෘතිය කියවීමෙන් අපට ලංකික තරුණයාගේ මහා අනිකා ජිවිතයේ අත්දකින දේවල් වලට දක්වන ප්‍රතික්රීයා  මානාව අදුරා ගැනීමට හොද අවස්ථාවකි.

බොහෝ  විට අපගේ big other සමාජය අත්දැකීම්  මත වෙනස් වේ . අප ඉපදීමේ සිට අපගේ big other අප අහන දකින දේවල් වලින් පෝෂණය වේ.මාගේ අදහස නම් ආසියානු සමාජය තුල අප වයස ගතවීමත් සමග බොහෝ විට අපගේ තීරණ වලට විඤ්ඤාණයට  වඩා අපගේ  මහා අනිකා  බලපාන බවයි .එනම් බොහෝවිට අපගේ තීර්න ගනුයේ අපට අවශ්‍ය පරිදි නොව සමජයට් අවශ්‍ය පරිදි වේ .මේ හේතුව නිසා බොහෝ විට ලංකික තරුණය ජිවිත තුල මියගිය චරිත බොහොමයක් ඇත .කුඩා කාලයේ සිට මම ඉතිහාසයට , පුරාවිද්‍යාවට වැනි දේට ඇලුම් කලෙමි .ඉතිහාසය හෝ දේශපාලනය ආශ්‍රිත උසස් අධ්‍ය්පනයක්  ලැබීමට මම ඉතා ඇලුම් කලෙමි .මා බොහෝ විට  පැතුවේ ගමිකගේ "ඔබේ ආදරෙන් මා දැවේ " ගීතයේ රුපරචන්යේ සිටින පෙම්වතාට සමාන ජීවිතයකි .

නමුත් අවසානයේ වසර කීපයකට පසුව මම මොරටු සරසවියෙන් නැවතුනේ කෙසේදැයි අදටත් මට ඇති ප්‍රශ්නයකි ."ආර්ට් කලොත් මොනාද කරන්න පුළුවන් " යන සමාජ මතය මෙයට හේතුව වේ යයි මම සිතමි .විශ්ව විද්‍යාලය තුල මා විනෝදාංශයක් ලෙස චයරුපකරන්යේ නිරතවිණි නමුත් නුදුරු දිනක මගේ කැමරාව  විකුණා දැමීමට සිතුනේ ඇයි දැයි නොදනිමි.මම සිතන්නේ දවසින් දවස වැඩෙන මා තුල සිටින මහා අනිකා ඉහත කි චරිත මගේ ආත්මයෙන්  මරාදමා ඇති බවයි ..... 



Monday 25 June 2018

බැදීම් හා Radical අත්හැරීම්

මා අතීත කාමියෙකි .එම නිසා ම බොහෝවිට චරිතකථා ඇති පොත් හා චිත්‍රපට වැනි දෑ ඇසුරු කිරීමට කැමැත්තෙමි .මේ චරිත කතා වලට ඇති ආසාවම   නිසා විවිද චරිත සමග කරන ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රවණය කිරීමට  මම  ප්‍රිය කරමි .මෙයින් මගේ ප්‍රියතම වැඩ සටහනක් වන්නේ ගැමුණු වන්නිනයකයන් විසින් මෙහෙයවනු  ලබන "මතක පද" වැඩ සටහනයි .මෙහි මා බොහෝ ප්‍රිය කල වැඩසටහනක් වනුයේ බූපති නලින් සමග ගැමුණු රත්නායක කල  සංවාදයයි .



මෙහිදී ඔහු පෙන්වා දෙන කරුණක් නම් කාන්තාව අදරයේදී සහ බැදීම් වලදී පිරිමියාට වඩා radical යන්නයි .මෙයට ඉතාම සමීප අදහසක් චින්තන ධර්මධාසද  ඔහු සහබාගී වූ මතක පද වැඩ සටහනේ පවසයි .ඔහු මෙය අර්ථ දක්වන්නේ ගැහැනියගේ බැදීම් වෙනුවෙන් ඇති අධික බක්තියක්  ඇති බවයි  . මම මේ සංසිද්දිය මගේ ජිවිතේ මුණ ගැහුණු සබැ චරිත මෙන්ම කල්පිත චරිත වලද දැක ඇත .තමන්ගේ බැදීම වෙනුවෙන් තමා තුල වූ පොත්ගුල්ලා අත්හැරීමට තබා නියපොතු කෑමවත් පාලනය කිරීමට  නොහැකි වූ සරසවි ශිෂයෙක් ගැන ද මා හොදින් දන්නා බැවින් මේ කතාව මා මගේ අතීයට රැගෙන යන ලදී .


මගේ ජිවිතයේ දැක ඇති මෙවැනි ඇත හැරීම් සහිත කනතාවන් බොහෝය .ම හට මුලින්ම මතකයට නැගෙන්නේ මගේ මවය .ඇය පාසැල් අවදියේ පාසලේ ඉතා ක්‍රීඩාශීලී හා ඉතා සමාජශීලී චරිතයක් යයි ම බොහෝ අයගෙන් අසා ඇත.මගේ මේ අවරුදු 27 තුල ඇය අස දෙයක් කරනවා  හෝ අයගේ පාසල් මිතුරියන් වත් හමු වීමට යනවා මන් දැක නැත .ඇගේ  ක්‍රීඩා ශීලී සමාජශීලී ජීවිතය අප හා අපගේ අද්‍යාපනය වෙනුවෙන් කැප කළේය.




මා ජිවිතයේ අත්දුටු ඉතා radical අත්හර්රේම් සහිත කල්පිත චරිතයක් නම් නාමල් ජයසින්ග්හේ "සහෝදරයා " ටෙලි නාට්‍යයේ එන "උත්තරා දෙවි " ය .තමන්ගේ ලිපි වල අන්තර්ගතය නිසා නොබෝදිනකින් ඔහුට ජීවිතය අතහැර යාමට සිදුවන බව රජීව් දැන සිටියේය තවද එයන් තමාගේ බිරිදත් තනිවන බවත් ඔහු දැන සිටිට්යේය නමුත් ඔහු ඔහුගේ ආදරය වෙනුවෙන් ලිවීම අතහ්රීම තරමට තරම් radical  නොවිය  .රජීව්ගේ මරණයෙන් පසු උත්තතරා ට ලෙහෙසියෙන් තම දෙමාපියන් සමග රට හැර ද යා හැකිව තිබුණි නමුත් තමාගේ සැමියාගේ බලාපොරොතු වෙනුවෙන් ලංකාවේ නැවඇති තම සැමියා වෙනුවෙන් ඉදිරයේ ඇති ප්සප පහසු ජීවිතය ඇත හැරීමට තමරම් radical විය  .මෙයට තවත් එක උදාහරණයක් නම් තාරකා වාසලමුදලි ගේ "කළු" නව කතාවේ එන "චේති" ය.කළු  හි එන චේති ගේ පෙම්වතා වන ධනුෂ්කට තම පෙම්වතියගේ දෙමාපියන් ගේ අවසරය ගැනීම උදෙසා තම ශිෂ්‍ය දේශපාලනය  හා කලාව අත් හැරීමට බැරි විය නමුත් චේති තමන්ගේ ගිනිගේ ග්සමග විවාහයෙන් පසුවත් ඇයගේ ප්‍රථම ප්‍රේමය සොයා ගියේය .


බොහෝ දේශපනල වේදිකා වල සිදුවන කතා වල තම පක්ෂය හා පන්තිය වෙනුවෙන් දිවිපිදු පුර්ෂ විප්ලව වාදීන් ද රට හා ජාතිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවෝ ගැනද කතා කරනවා මන් අස ඇත .තම  රට ජාතිය වෙනුවනේ වීරෝ දාර රණවිරුවා දිවි කැප කරන විට  ගෙදර යුද්දය කරන ගහැනිය ගැන අඩුවෙන් කතා වෙන බව මට සිතේ බොහෝ විට මේ රණ විරු බිරිඳ වරුන්ට තම තම පවල  නඩත්තු කිරීමට අමතරව සිදුවන දේශපලන පාලි ගැනීම් වලටද මුණ දීමට සිදු වේ  මෙයට හොදම උදහරන්‍ය නම් රණ විරු සුනිල් රත්නයකේ ගේ බිරිදියි .තමන්ගේ පන්තිය හා පක්ෂය වෙනුවෙන් පුර්ෂයා සටන් කරන විට ගැහැණිය තම බැදීම් හා අදර වෙනුවෙන් ගෙදර කරන විප්ප්ලවය හරි  හැටි අගය නොවන බව මගේ අදහසි .බොහෝ විට ඇයට ඔහු සමග ජිවිත කළෙම වෙස් වලාගෙන තනින තැනට යාමට ,ප්‍රතිවිප්ලව වාදීන් ගෙන් තම දරුවන් හා පවුල  ආරක්ෂා කිරිර්ම ආදී සාමාන්‍ය ගැහැනියක්  නොකරන කැප කිරීම් කිරිමා සිදු වේ .මගේ අදහස නම් බොහෝ radical කැප කීරීම් කල පිරිමින් පිටු පසම ඔව්න් හා සමානව radical ඇත හැරීම් කල කාන්තාවක් සිටි යන්යි.





Tuesday 19 June 2018

තවම සිතමි .....

මම කුඩා කල සිටම අතීතකමියෙකි  .කුඩා කල වැඩිහිටියන්ගෙන් ඇසුන සුරංගනා හෝ ෆැන්ටසි කථා   වලට වඩා  මම  අපේ සීයා (එනම් මාගේ  මවගේ පියා ) කියූ ඉතිහාස කථා වලට ම වැඩියෙන් ඇලුම් කලෙමි  .කුඩා කල සිටම චරිත කතා කියවීමට කැමතක්  දැක්වීමට හෙතුවන්නට  ඇත්තේ ඒ Nostalgiya ව විය යුතුය .මුල් කාලයේදී  ම මා වැඩිපුර ඇලුම් කලේ ලංකා  ඉතිහාසයටයි නමුත් මා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන අවදියේ  එහි සිටි ජයසුන්දර බණ්ඩාර ගුරු පියාණන්ගේ මග පෙන්වීමෙන් රුසියානු හා දෙවැනි ලෝක සංග්‍රාමය අවදිය පිළිබද ලියු කෘති  කියවීමට පෙලබුණි .

මේ අතරතුර මට සංශිප්ත ලෝක ඉතිහාස පොතක් හමුමිය.ඒ පොතේ මන් බොහෝ සේන් සිත් ගත්තේ කාර්මික විප්ලවයෙන් පසු  ලෝක ඉතිහසයයි.කලයාගේ ඇවෑමෙන් මගේ කියවීම බොහෝ දුරට රුස්සියානු සාහිත්‍යට බර විය.එලසම කාලයත් සමග මන් ඒ පොත් වල තිබුන දේශපාලනයට ද ආස කලෙමි.මෙයින් ම විශේෂයෙන් ම ආසා වුයේ ඔවුන්ගේ දේශපාලනය තුල තිබු සමානාත්මතාවයි.ශිෂ්‍ය දේශපලනයට මා එතරම් ඇලුම් කලේ නැත.නමුත් මිතුරන් අතරේ වූ බොහෝ දේශපාලන කතා වලදී මා වාමාංශික අදහස් දැරීය.

මේ කතා වලදී  මාගේ මිතුරෙකුගෙන් පැමිණි අදහසක් නම් "Communism අවොත් පාරේ හිගනෙක් දැකත් ඉතින් මචන් කියන්  යන්න වෙනවා  උබ එකට කැමතිද ??".ඔහු මට වඩා  අවරුදු කීපයක් වැඩිමල් වීමත් ගෙදරින් වැටුන නීති රීති නිසා මා වැඩි දුර තර්ක කිරීමට නොගියෙමි .අතීත කාමියෙකු වූ මම ඉඩ ඇති සම විටම මා අතීතය සමග ජීවත් වෙමි .මේ සිද්දිය හිතට  එන සෑම  විටම මම මගෙන් අසාගන්නා ප්‍රශ්නය නම් "සිගමන් යදින්නෙකුට  Machan " කීමේ ඇති වැරැද්ද කුමක් ද යන්නයි .ඔහු/ඇයත් අප මෙන්ම ලේ ඇට මස් නහර වලින් සෑදුන  මිනිස්සු වේ.මා අද මෙතන සිටින්නේ මාගේ තනි උත්සාහයෙන් නොව මගේ දෙමාපියයන් ,පාසැල හා එහිදී හමුවූ ගුරුවරු , ජිවිතයේ හමු වූ මිතුරන් හා  බොහෝ පිරිසකගේ උදව්වෙනි .මා ඉහත කියූ සියලුම කරුණා සම්පුර්න වුවා නම් බෝහෝ  විට ඔය පුද්ගලයට ද  මීට  වඩා  හොද තැනක නැවතීමට ඉඩ ඇත.මා සිතන ආකාරයට අපල කාලයට අසරණ මිනිසුන්න්ට කෑම බෙදනවා සේම ලංකාව තුල සිටින අල්පයක් වූ සමහර මිනිසුන් ගේ  සිතුව්ලි ත් වෙනස් වුවා නම් මිනිසුන් තුල ඔය සිතේ තියන  අපල මිට වඩා ඉක්මනින් අහෝසි වෙනු ඇත තවද ලංකාව මීට වඩා  ලස්සන වියද හැක.සිගමන් යදින්නට මචන් කීමේ ඇති වරදක් ඇතැයි තවම මම නොසිතමි.නමුත් සමහර මිනිසුන් එය වැරදියට දැකීමට හේතුව මම තවම සිතමි .....

මලවි සෑදු සිදුරට උත්තරයක් ........

අප ඉපදුන දවසේ සිට ආදරය ගැන විවිධ අර්ථ කතන හා අර්ථ දැක්වීම් අසා ඇත්තෙමු .ආදරය සුන්දරයි ,සදාකාලියි යන්න ඉන් සමහරකි .ඔක්සිජන් නොමැතිව ජිවත් විය...