Monday 7 January 2019

Ideology - ඒක වෙනම අතල් එකක්ද නැත් නම් Game ක් ද?

                                       මා අතීත කාමියෙකි බොහෝ විට මා අතීත මතකයන් හා වර්තමානයේ  අත්දකින දේ සම්බන්ධ කිරීමට කැමැතක් දක්වමි. Sri Lanka Vanguard පක්ෂය තුලින් දෘෂ්ටිවාදය ඉගෙන  ගන්නා විට මා හට මුලින්ම මතකයට නැගුනේ කුම්බියෝ හි ප්‍රියන්තගේ චරිතයයි .කුබියෝ හි ප්‍රියන්තගේ චරිතය අප ජිවිත මත දෘෂ්ටිවාදය ක්‍රියාකරන  ආකාරය තේරුම් ගැනීමට හොද උදාහරණයකි.


                දෘෂ්ටිවාදය යනු "මිනිසෙකුගේ ක්‍රියාව අවිඤ්ඤානිකව පාලනය කරන ප්‍රපංචයකි".අතීතයේ සිට විවිධ දාර්ශනිකයන් දෘෂ්ටි වාදයට  විවේචනය ඉදිරිපත් කරන ලදී .එම විවේචන වලින් සරාර්තක හා ඕපපාතික විවේචන වල ඇතුලත් කරුණු අපට කුම්බියෝ තුලින් මානව පෙනෙයි .

  මෙහි ඇති ප්‍රාථමික විවේචනය නම් සරාර්තක විවේචනයයි .එහි අදහස වුයේ  දෘෂ්ටිවාදය ට ප්‍රධාන හේතුව මිනිසා යම්කිසි ප්‍රපන්චයකට රැවටීම බවයි .මෙහිදී මිනිසා එම රැවටීම හේතුවෙන් අවිඤ්ඤානිකව පාලනය වේ.කුබියෝහි ප්‍රියන්ත ගමේ පාසලෙන් හා  පන්සලෙන් පෝෂණය වී කෘතගුණ සැලකීම ,ආගන්තුක සත්කාර හා විශ්වාසය වැනි මිනිස් සම්බධතා වලින් පරිපුරන චරිතයකි.එම නිසා ප්‍රියන්ත ශාක්‍යා හි රැකියාවට ඉතා ඇලුම් කළේය.එම නිසා ඔහු තමාගේ රැකියාව බේරා දුන් දිසානායක මහතාට ඉතා  භක්තියකින් පසුවිය.සරාර්තක දෘෂ්ටිවාදය යනු ජෙහාන් ,ප්‍රියන්තගේ අවිඤ්ඤානික ගැමිත්වය තේරුම් ගෙන,ඔහු දිසානායක කෙරෙහි ඇති බක්තියත් සාලිය සමග ඇති තරහවත් තේරුම් ගෙන , දිසානායක ව අත්ඩංගුවට ගන්නා ආකාරයට කතාවක් නිර්මාණය කර එයින් ප්‍රියන්තව පාලනය කළා වැනිය සිධියකි . මෙහි ඇති වැදගත් අනික් සිධිය නම් ප්‍රියන්ත තමන් ජෙහාන් ට රැවටී අවිඤ්ඤානිකව ක්‍රියාකර ඇති බව තේරුම් ගැනීමයි.



Photo by Luther Bottrill on Unsplash
ජිජැක් වැනි දාර්ශනිකයන්ට අනුව වර්තමාන දෘෂ්ටිවාදය ඕපපතිකය.එනම් මිනිසා යම් ප්‍රපංචයක් විසින් තවකෙකුගේ ක්‍රියාව පාලනය කරනුයේ ඔහු හෝ ඇය එම ප්‍රපන්චයට ඇති ආසාව නිසාය.මෙයට හොදම උදාහරණය නම් ජෙහාන් හිරෙන් නිදහස් වීමත් සමග ප්‍රියන්ත හා ජෙහාන් අතර ඇති වූ කතාබයි.එහිදී ප්‍රියන්ත ඔහු හා  ප්‍රාදේශීය සභා මහා ඇමතිවරයා කරන ලද ව්‍යාපෘති වලින් ලැබුන  සදාචාර විරෝධී ප්‍රතිලාබ , ඔහුගෙන් ලැබුන දේශපාලන අත්දැකීම් හා ඔහු විසින් ප්‍රාදේශීය සභා රහස් චන්දයකදී මහා ඇමතිවරයට  පක්ෂව චන්දය ප්‍රකාශ කල බව කියයි .ගමේ පාසලෙන් හා  පන්සලෙන් පෝෂණය වී කෘතගුණ සැලකීම ,ආගන්තුක සත්කාර හා විශ්වාසය වැනි මිනිස් සම්බධතා වලින් පරිපුරන වූ හා වාමාංශික පක්ෂයක් චන්දෙන් පත්   වූ වාමාංශික පක්ෂයක විනයක් හා ප්‍රතිපත්ති වලින් පාලනය වන ප්‍රියන්තගේ ක්‍රියාව පළාත් සභා මහා ඇමති පාලනය කරන ලද්දේ ජෙහාන් මෙන් රවටා නොවේ , ඔහු පාලනය වුයේ මහා ඇමති තුමාගේ සදාචාර විරෝධී ප්‍රතිලාබ වලට ඇති ආසාව නිසාය .



වර්තමාන ජිජැක් වැනි දර්ශිනකයන්ට අනුව අපට සාරර්ත්ක දෘෂ්ටිවාදයෙන් මිනිසෙක් ගලවා ගත හැකිය.නමුත් ඕපපාතික දෘෂ්ටි වාදයේ මිනිසා බදෙනුයේ එම ප්‍රපංචයට ඇති ආසාව නිසා බැවින් ඕපපාතිකව පාලනය වන මිනිසා දෘෂ්ටිවයෙන් මුදවා ගත නොහැකිය.මාගේ කියවීම අනුව නම් ගෝලීයකරණයත් සමග ලෝකයේ ආර්ථිකය මෙන්ම සමාජය හා මිනිස් සම්බන්ධතා බොහෝ විට "ලභය " මත පදනම් විය.එම නිසා  මිනිසා බොහෝ විට අවිඤ්ඤානිකව සොයනුයේ තමාට ලැබෙන ප්‍රතිලාභ මත මිස සමස්තය මත හෝ අනාගතය මත නොවේ .එම නිසා ඔව්න් ඕපපාතිකව දෘෂ්ටිවදයේ බැදේ.ඉහත සිද්ධියේදී ප්‍රියන්ත පක්ෂයේ හෝ සමජෙයේ අබිවුර්ධිය වෙනුවට තමාගේ වාසියෙ උදෙසා  අවිඤ්ඤානිකව මහා ඇමතිවරයට පක්ෂ පාති විය.





මලවි සෑදු සිදුරට උත්තරයක් ........

අප ඉපදුන දවසේ සිට ආදරය ගැන විවිධ අර්ථ කතන හා අර්ථ දැක්වීම් අසා ඇත්තෙමු .ආදරය සුන්දරයි ,සදාකාලියි යන්න ඉන් සමහරකි .ඔක්සිජන් නොමැතිව ජිවත් විය...