Wednesday 24 October 2018

මතකය උද්ගෝෂණ රැල්ලට තිත තබයිද .....

මා අතීත කාමියෙකි .මම බොහෝ විට වරතමානයේ අත්දකින සිදින් සමග සම්බන්ද වූ අතීත සිදින් සිහි කිරීමට කැමැත්තක් දක්වමි.පසුගිය දා මා සහබාගි වූ චමල් අකලංක පොල්වත්තගේ ගේ "ආදරය රත්නපුර වගේ " කවි පොත එළිදැක්වීමේ උත්සවයද එලෙසෙම මා  අතීතයට ගෙන ගිය අවස්ථාවකි.ප්‍රේමය පිළිබද මට එතරම් අත්දැකීම් නැතත් එම උත්සවය අවසන් වුයේ අතීත සිධින් කිහිපයක් මතකයට නංවමින් හා තව කාලයකට විශ්ලේෂණයට හා සිහි කිරීමට සිධින් බොහොමයක් ඉතිරි කරමිනි.ආදරයට ඇති ප්‍රධාන ධාරාවේ උපමා වලට අමතරව එහි පැමිණි බොහොමයක්  විකල්ප උපමා ඉදිරිපත් කරන ලදී .ඒ අතර විමල් කැටපෙඅරච්ච්  සහෝදරයා විසින් ප්‍රකාශ කරන ලද  "ආදරය යාපනේ පුස්තකාලය වගේ " යන්න මගේ සිත්ගත්තේය.යාපනේ පුස්තකාලය සේ ආදරයද එක් වරක් ගිනි තැබූ පසු   නැවත කොතරම් අලුත් වැඩියා  කලද එහි වැඩක් නොමැති බව මට අත්දැකීම් තිබීම එයට හේතු විය හැකිය.

මා බොහෝ විට එකම ගීතය එක දිගට ඇසීමට පුරුදු වී සිටි .මේ අතර ගීත රසවිදින සෑම අවස්ථාවකම එක ගීතයක් පමණක් දින කිහිපයක් ඇසූ  අවස්ථා ද බොහොමයක් ඇත .එදා උත්සවය තුල ඇසුණු චමල් අකලංක පොල්වත්තගේ විසින් රචිත ප්‍රමිත් ගන්නේඅරචිචි විසින් ගයනා කරන ලද මතකය ගීතයද එවැන්නකි.



මේ ගීතය රසවිදින සෑම අවස්ථවකදීම මාහට සිහි වනුයේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ විසින්  මතක පද වැඩ සටහනේදී කියූ දෙයකි.එනම් අප මේ ජිවත් වන යාන්ත්‍රික ජීවිතය තුල ස්වාබවික එකම දෙය ආදරය යන්නයි . ආදරය යනු හිමි වීම පමණක් ම නොවේ  .ආදරය අහිමිවීම යනු ආදරය යටපත්  විමක් පමණි .ගුරු ගීතයේ එන අල්තීනයි හා දුයිශේන්ගේ අප්‍රකාශිත ආදරය  වසර කිහිපයකට  පසු ඔවුන් සිටවූ පොප්ලර් ගස දැකීමෙන් අල්තීනයි ට සිතට නැගෙනුයේ ඒ යටපත් වී ආදරය නැවත මතු වීම නිසා විය හැකිය .බොහෝ  පිරිමීන්ට   "Hello Kitty " හෝ හුරුබුහුටි දේ දුට විට තමාගේ පැරණි ප්‍රේමය මතක් වනුයේ ඒ යටපත් වීම නිසා යන්න මගේ අදහසයි  .මාගේ කියවීමට අනුව මෙම ගීතයේ  ගැබ්ව ඇත්තේ තරුණයෙක් අතීතයේ බිදුණු ආදරයක ප්‍රේමවන්තියක් විවාහ වන දිනයේ තමා තුල තවමත් යටපත් වූ ආදරය ප්‍රකාශ කරන අයුරුයි .මෙහි  වැදගත් ම වචනය "යටපත් වූ ආදරය" යන්නයි .
Photo by Nick Fewings on Unsplash
වර්තමාන යාන්ත්‍රික සමාජ ක්‍රමය තුල බිහිවන්නේ ප්‍රජාවක් හෝ සමාජක්  නොවේ පුද්ගලයෙක්ය .එනම් වර්තමාන සමාජය යනු පුද්ගල වාදී සමාජයකි .එනම් මිනිසා පුද්ගල සම්බන්දතා වලින් ඇත්වෙයි .අතීතයේ සින්දු කියමින් විහිලු කරමින් ගිය පාසල් බස් රථ  දැන් දැන් තනි තනියෙන් ජංගම දුරකථන වලින් සින්දු අසමින් ගමන් කරරීම මිනිසා පුද්ගල සම්බන්ද වලින් ඇත්වීම ට හොදම උදාහරණයකි .මගේ අදහස නම් ආදරයද මෙම ක්‍රමය අනුව පුද්ගලවාදී  වී ඇත .මෙයට හොදම උදාහරණය නම් වර්තමාන ගිතකලාවයි .ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයහි (Sri Lanka Vanguard Party) හි නයක දීප්ති කුමාර සහෝදරයාට අනුව වර්තමාන විරහ ගීතය  තම අහිමිවූ අදරවන්තියට  එරහිව කරන උද්ගෝෂණයක්  වැනිය .ආදරය යනු දෙදෙනෙක් අතර පවතින දෙයකි. ආදරයේ බිද වැටීම ට දෙදෙනාම වගකිවයුතු වේ.නමුත් වර්තමාන ගීත කලාව තමාට අහිමිවූ පෙම්වතියට එරහිව කරන විරෝධතාවක් වැනිය .එනුම් බොහෝ විට එහි ඇත්තේ අපහස හෝ  ඇනුම් පද පමණි .ආදරය නැති වන්නේ දෙදෙනාගේම වරදකිනි එම නිසා තව කෙනෙකු අහිමි වීම යනු  ඔහුට හෝ ඇයට ඇති ආදරය නැති වීමක් නොවේ.මෙවැනි පද මලා  වලට හේතුව ආදරය  අහිමිවීම දෙදෙනාගේම දෙයක් නැති වුවාට වඩා තමාගේ දෙයක් නැති වීමක් යයි සිතීමයි .

මගේ කියවීමට අනුව "මතකය"  යනු උද්ගෝෂණ ගීත කලාවෙන් වෙනස් වූ ගීතයකි .මෙම ගීතයේ පද මාලාවේ බොහෝ විට ගැබ්ව ඇත්තේ විවාහ වුවත් තම නැති වූ ආදරයේ පෙම්වතිය කෙරේ වූ ආදරය තවම නැති වී නැත යන්න මිස යට ගැරහීම නොවේ .

"පවුරු බැන්දත් රනින් වෙරලක සයුරු රල යලි එයි කියා..
වෙරලකට අමතකම වේවිද සයුරු රල ඇදි නෙක රටා.."



No comments:

Post a Comment

මලවි සෑදු සිදුරට උත්තරයක් ........

අප ඉපදුන දවසේ සිට ආදරය ගැන විවිධ අර්ථ කතන හා අර්ථ දැක්වීම් අසා ඇත්තෙමු .ආදරය සුන්දරයි ,සදාකාලියි යන්න ඉන් සමහරකි .ඔක්සිජන් නොමැතිව ජිවත් විය...